ජාත්‍යන්තර තරග දිල්ලියේ එපා



ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ෆෙරෝස් ෂා කොල්ටා ක්‍රිකට් ක්‍රීඩංගනයේ පැවැත්වෙන ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගයට දිල්ලිය පුරා විසිරී පැතිරී පවතින විස දුමාරය බාධාවක් වීමත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුහුණු ආවරණය කර ගනිමින් අපහසුවෙන් ක්‍රීඩා කිරීමත් සැලකිල්ලට ගෙන මින් ඉදිරියට කිසිදු ජාත්‍යන්තර ක්‍රීඩා උලෙළක් දිල්ලිය නොපවත්වන්නැයි ඉන්දීය වෛද්‍ය සංගම් ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර ඇත.

වෛද්‍යවරුන් වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ දිල්ලිය පුරා පැතිර පවතින විස දුමාරය හේතුවෙන් සිදුවී ඇති වායු දූෂණය අවදානම් මට්ටමට වඩා 18 ගුණයකින් වැඩි වී ඇති බවය. මෙවැනි තත්ත්වයක් යටතේ ජාත්‍යන්තර ක්‍රීඩා තරග පැවැත්වීමෙන් ඉන්දියාවට කැළැලක් සිදුවන බව ද වෛද්‍යවරු වැඩිදුරටත් කියා සිටිති.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS