ජල ගැලීම්වලින් 100 ක් මරුට



ඇදහැලෙන මහ වැසි හේතුවෙන්, අපි‍්‍රකා රාජ්‍යයක් වන නයිජීරියාවේ පළාත් 10 කට වැඩි සංඛ්‍යාවක් මුළුමනින්ම ජලයෙන් යටවුණු බවත්, 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණු බවත් නයිජීරියා පුවත් සේවා වාර්තා කරයි.

වගාබිම් හෙක්ටයාර් දහස් ගණනක් විනාශ වී ඇතැයි ද පැවැසෙයි. දරුණු ලෙස හානි සිදුවී ඇත්තේ කෝගී, නයිගර්, අනම්බ‍්‍රා යන පළාත් යැයි ද පැවැසෙයි.

විපතට පත්වූවන්ට සහනාධාර ලබා දීම සම්බන්ධයෙන් ගැටලූ නිර්මාණය වී ඇතැයි ද නයිජීරියා රජය කියයි. ඒ, ජල ගැලීම් පවතින පළාත්වලට යෑමට හැකියාවක් නොලැබී ඇති නිසා යැයි බලධාරීහු පැහැදිලි කරති.

(රොයිටර්ස්)


RECOMMEND POSTS