ජපාන චීන සබඳතා තරවෙයි



ද්වී පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, තෙදින නිල සංචාරයක් සඳහා ජපාන අගමැති ෂෙන්සෝ අබේ චීනයේ බීජිං අගනුවරට පැමිණියේය.

ජපාන අගමැතිවරයා උණුසුම් අයුරින් පිළිගැනීම සිදු කරනු ලැබුවේ චීන අගමැති ලී කෙකියැං විසිනි. ජපාන අගමැති සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතරේ හමුවක් ද පැවැත්විණි.

මෙම තෙදින නිල සංචාරය අතරතුරේ අගමැති ෂෙන්සෝ අබේ සහ චීන අගමැති ෂී ජින් පින් අතරේ ද්වී පාර්ශ්වික ගිවිසුම් කිහිපයක අත්සන් කිරීමට ද නියමිතව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS