ජපන් සත්වෝද්‍යානයක හිම වඳුරෝ 57 ක් මරලා



 

උතුරුදිග ජපානයේ සත්වෝද්‍යානයක සිටි හිම වඳුරන් 57 දෙනකු විස එන්නත් ලබා දී මරා දැමීමට එම සත්වෝද්‍යානයේ බලධාරීහු කටයුතු කළහ. 


 හිම වඳුරන් මරා දැමුණේ, ඔවුන්ගේ ජානවලට, සත්වෝද්‍යානයේම කූඩු කර සිටින ‘රිසස් මකැක්’ වර්ගයේ රිළවුන්ගේ ජාන මුසුවීම නිසා යැයි සත්වෝද්‍යාන බලධාරීහු වැඩි දුරටත් පැහැදිලි කරති.


‘ජපන් හිම වඳුරන්’ යනු ජපානයට පමණක් ආවේණික අධික සීත පරිසරවල ජීවත් වන වල්ගය රහිත බැබූනයන් වැනි වඳුරු විශේෂයකි. ස්වභාවික පරිසර පද්ධතියේ සමතුලිතතාව ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස අකමැත්තෙන් වුවත් වඳුරන් මරා දැමීමට සිදුවුණු බව සත්වෝද්‍යාන පශු වෛද්‍ය කණ්ඩායම මාධ්‍ය හමුවේ පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS