ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිගන්න



පැරැදුණු මාලදිවයින ජනපති අබ්දුල්ලා යමීන් ජනපතිවරණයේ ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඊට එරෙහිව ‘සුදුසු පියවරක්’ ගැනීමට තමන් සූදානම් බව ඇමෙරිකාව අනතුරු අඟවා ඇත.

මාලදිවයින ජනාධිපතිවරණයෙන් බහුතර බලයක් ද සහිතව ජයග්‍රහණය කළේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඊබ්‍රහීම් මොහොමද් සෝලීය.

තමන් මැතිවරණ ප්‍රතිඵලය පිළිගන්නා බව මුලින් කියා සිටියත්, ජනාධිපති අබ්දුල්ලා යමීන් ධුරය පසුව චෝදනා කර ඇත්තේ මැතිවරණයේ දී අක්‍රමිකතා සිදුවුණු බවටය.

ඡන්ද ප්‍රතිඵලය අභියෝගයට ලක් කරමින්, ජනාධිපති යමීන් අධිකරණය හමුවට පෙත්සමක් ද ඉදිරිපත් කර තිබේ.
අබ්දුල්ලා යමීන් චීන හිතවාදියෙකි. ජයග්‍රහණය කළ විපක්ෂ නායක මොහොමද් සෝලී ඉන්දියානු හිතවාදියෙකි. ඒ අනුව, ඇමෙරිකාවේ සහාය සෝලීට හිමිවෙයි.

මේ අතර, පරාජයට පත් ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ සහචරයන්ගෙන් මරණ තර්ජන එල්ල වීමට පටන්ගෙන ඇතැයි චෝදනා කරමින්, මාලදිවයිනේ මැතිවරණ නිලධාරීන් සිවු දෙනකු ශ්‍රී ලංකාවට පලා ආ බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

අබ්දුල්ලා යමීන්ගේ ජනපති ධුර කාලය අවසන් වනු ඇත්තේ නොවැම්බර් 17 වැනිදාය. තමා එතෙක් ධුරයේ රැඳී සිටින බව ජනාධිපති යමීන් පවසා ඇත.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS