ජනවාරි 31 වැනිදා බ්රෙක්සිට් සම්පූර්ණ කරනවා
ලැබූ විශිෂ්ට ජයග්රහණය සමරමින්, බි්රතාන්ය අගමැති බොරිස් ජොන්සන් පවසා ඇත්තේ, ජනවාරි 31 වැනිදා වනවිට මහා බි්රතාන්යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්රෙක්සිට් කි්රයාවලිය සම්පූර්ණ කරන බවය.
12 වැනිදා පැවැත්වුණු මහ මැතිවරණයේ ප්රතිඵල ඊයේ (13) නිකුත් වූ අතර අගමැති ජොන්සන් සහ ඔහුගේ කොන්සවටිව් පක්ෂයට අති විශිෂ්ට ජයක් හිමිවිය. ඒ, බහුතර බලයක් ද සමඟිනි.
‘අප ජනවාරි 31 වැනිදා වනවිට බ්රෙක්සිට් කි්රයාවලිය අවසන් කරනවා. අපට දැන් බහුතර බලය තිබෙනවා. කාටවත් බෑ බ්රෙක්සිට් කි්රයාවලියට බාධා කරන්න.’ යැයි ජය සමරමින් විශේෂ ප්රකාශයක් කළ අගමැති ජොන්සන් පැහැදිලි කළේය.
(අල් ජසීරා)