ජනපතිවරණ ඡන්ද විමසුම ඇරැඹේ



ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම අද (16) උදෑසන 7ට ආරම්භ විය.

රටපුරා පිහිටුවා ඇති ඡන්ද පොළ මධ්‍යස්ථාන 12,848 කදී ඡන්ද විමසීම පැවැත්වන අතර ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 5න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙවර ජනාධිපතිවරණයට වාර්තාගත ලෙස අපේක්ෂකයෝ 35 දෙනකු ඉදිරිපත් වී සිටිති. එය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ වැඩිම අපේක්ෂකයන් ගණනය. එම අපේක්ෂකයන් අතර භික්ෂූන් වහන්සේ දෙනමක් සහ කාන්තාවක් ද සිටිති.

ඡන්දය ප්‍රකාශ කිරීම 15,992,096 සුදුසුකම් ලබා සිටිති.

මෙවර ඡන්ද පත්‍රිකාව අඩි දෙකකට වඩා (සෙන්ටිමීටර 66) දීර්ඝ වන අතර එය ශ්‍රී ලංකා ඉතිහාසයේ දීර්ඝතම ඡන්ද පත්‍රිකාවය.

බලයේ සිටින ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා තරග නොකරන ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු ජනාධිපතිවරණය වන්නේ ද මෙවර ජනාධිපතිවරණයයි.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS