ජගත් පරිසර සමුළුව මැඞ්රිඞ් නුවරදී ඇරැඹේ



වාර්ෂිකව පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් අගනුවර කේන්ද්‍රකොට ගනිමින් ආරම්භ විය. රටවල් රැසක නියෝජිතයෝ 25,000 ක් මෙවර සමුළුවට සහභාගී වන බව ද වාර්තා වේ.

2018 අවසානයේ සිට 2019 වසරේ මේ දක්වා කාලයේ හරිතාගාර වායු සැලකිය යුතු මට්ටකින් ඉහළ ගොස් ඇති බවත් කාබන් ඩයොක්සයිඞ් මිලියනයකට කොටස් 407.8 ක ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත් ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අනතුරු අඟවා ඇත.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානය මේ සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවට ඉදිරිපත් කෙරුණු අතර ගෝලීය උණුසුම ඉහළ යෑම අවම කිරීමට කඩිනමින් පියවර ගත යුතු බව සාකච්ඡාවට බඳුන් විය.

එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුව ‘කොප්25’ යන නමින් හැඳින්වෙයි. සමුළුව පැවැත්වෙන්නේ මැඞ්රිඞ් අගනුවර මධ්‍යයේ පිහිටි උද්‍යානයේදීය. සමුළුව ආරම්භ වූයේ ‘කාලගුණය සම්බන්ධයෙන් හදසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවය.
ගෝලීය උණුසුම ඉහළ යෑම විපරිත කාලගුණ තත්ත්වයන්ට හේතු සාධක වී ඇත.

පසුගිය කාලයේ පෘථිවියේ පෙනහලු ලෙස සැලකෙන ඇමසන් වසාන්නතරය ළැව් ගිනිවලින් දරුණු ලෙස හානියට පත් විය. වියලි කාලයට මහ වැසි ඇද හැලෙන්නේත්, වැසි කාලයට දැඩි නියං තත්ත්වයක් පවතින්නේත් මෙම විපරිත කාලගුණ විපර්යාස හේතුවෙනි. රටවල් 150 ක විද්‍යාඥයෝ 11,000 ක් ගෝලීය උණුසුම ඉහළ යෑම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් කර ඇති අතර, එම අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් ද ජගත් සමුළුවට පැමිණි නියෝජිතයන්ගේ අවධානය යොමු විය.

මැඞ්රිඞ් නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS