ඡායාරූප අන්තර්ජාලයට දමා වැඩ වරද්දා ගනී



කාන්තාවකගේ ඡායාරූප ස්නැප්චැට් මෘදුකාංගය හරහා අන්තර්ජාලයට එක්කල සෞදි ජාතිකයෙකු පසුගියදා රියාද් නුවරදී සෝදිසි කිරීම් සහ අපරාධ විමර්ෂණ කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

අවශ්‍ය නීතිමය කටයුතු කරගෙන යෑම සදහා අත්අඩංගුවට ගත් සෞදි ජාතිකයා සෝදිසි කිරීම් සහ අපරාධ විමර්ෂණ කාර්යාංශයේ නිලධාරීන් විසින් මහජන නඩු විමර්ෂණ කාර්යංශයට භාරදී ඇති අතර පරිගණක අපරාධ වැලැක්වීමේ නීතිය යටතේ නඩු පවරනු ලැබේ.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක 
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS