ඡන්ද මගඩි වුණැයි තුර්කියට චෝදනා



විධායක ජනපති ක්‍රමය අවශ්‍ය ද නැද්ද යන්න සම්බන්ධයෙන් පැවැති ජනමත විමසුමේදී ‘හොර ඡන්ද දැමීමක්’ සිදුවුණැයි තුර්කි විපක්ෂ දේශපාලන කණ්ඩායම් එල්ල කරන චෝදනා තුර්කි රජය තරයේ ප්‍රතික්ෂේප කරයි.

එම විපක්ෂ දේශපාලන කණ්ඩායම් ලබා දුන් තොරතුරු පාදක කර ගනිමින් යුරෝපා හවුල ද තුර්කි රජයට චෝදනා කර ඇත.

නිසි පරිදි ජාත්‍යන්තර අධීක්ෂණයක් යටතේ ජනමත විමසුම පැවැත්වූවේ නැතැයි ද තුර්කි රජයට සහ ජනපති රිසෙප් ටයිප් එර්ඩෙගොන්ට චෝදනා එල්ල වී ඇත.

යුරෝපා හවුලේ තුර්කි අමාත්‍ය ඔමාර් සෙලික් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි ඉරාන ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි. ඔමාර් සෙලික් වැඩි දුරටත් පවසා ඇත්තේ ජනමත විමසුම සාධාරණය පැවැත්වුණු බවත් කිසිදු අකටයුත්තක් සිදු නොවුණු බවත්ය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS