චෝදනා ලැබූ එල් සැල්වදෝර් තරුණිය නිදහස්



දූෂණයට ලක්වී ගැබ් ගැනීමෙන් පසු බිලිඳා මරා දැමුවේ යැයි චෝදනා ලැබ සිට 21 හැවිරිදි එල් සැල්වදෝර තරුණියක වන එව්ලීන් හර්නැන්ඬේස්, ඇයට එල්ල වූ චෝදනාවලින් නිදහස ලැබුවාය.

දූෂණයට ලක්වීමෙන් පසු තමන් ගැබ්ගෙන සිටි බව තමන් දැන නොසිටි බවත් වැසිකිළියේ සිහිසුන් වුනු අවස්ථාවේදී දරු ප්‍රසූතිය සිදුවුණු බවත් එව්ලීන් පවසා ඇත්තේ තමන් නිර්දෝෂිබව ඒත්තු ගන්වමිනි.

ගබ්සාවට එරෙහිව අතිශය දළදඬු දැඩි නීති ක්‍රියාත්මක වන එකම රට ලෙස එල් සැල්වදෝරය සැලකෙයි. එල් සැල්වදෝරය යනු ලතින් ඇමෙරිකාවට අයත් රාජ්‍යයකි. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් එව්ලීන්ට වසර 40 ක සිර දඬුවමක් ලබාදීමට යෝජනා කර තිබුණු බව ද පැවැසෙයි.

එල් සැල්වදෝරයේ පමණක් නොව, ලොව කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ ආයතන රැසක් එව්ලීන්ට සාධාරණයක් අපේක්ෂා කළේය. අවසානයේ, එව්ලීන් නිදොස් බව අධිකරණය තීන්දු කළේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS