චෙන්නායි වැසියන්ට වතුර නෑ



දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි අගනුවර වැසියන් දරුණු පානීය ජල අර්බුදයකට මුහුණ පා සිටින බව වාර්තා වේ.

චෙන්නායි වැසියන්ගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම සිදුවන්නේ, ජලාශ 4 කිනි. දැඩි වියළි කාලගුණය හේතුවෙන් සහ වර්ෂාව නොමැතිකම නිසා මෙම ජලාශ සිඳී යෑම අර්බුදයට හේතුවක් බව පැවැසෙයි.

තලින්ඩානුවේ තරු පහේ හෝටල්, පරිගණක සහ තොරතුරු තාක්ෂණ සමාගම් ආදියට ද පානීය ජල අර්බුදය බලපෑම් කර ඇතැයි වාර්තා වේ.

චෙන්නායි අගනුවර දිනක ජල පරිභෝජනය ලීටර් මිලියන 800 කි. මේ වනවිට ලබා දීමට හැකිවී ඇත්තේ ලීටර් මිලියන 500 කට අඩු ප්‍රමාණයක් බව නගරසභා බලධාරීහු පෙන්වා දෙති.

චෙන්නායිහිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS