චීනයේ මහා නායයෑමක්



චීනයේ ෂිචුවාන් පළාතේ උදෑසන සිදුවුණු නායයෑමෙන් මියගිය ගණන 150 ඉක්මවා ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.

නායයෑම සිදුවූයේ චීනයේ ෂිචුවාන් පළාතේ කඳුකර ප්‍රදේශයකය. නායයෑමෙන් සින්මෝ නමැති කුඩා ගම්මානය මුළුමනින්ම ගල් සහ පස්වලින් යටවූයේ ගම්වැසියන් ද සමඟය.

ගල් තට්ටු ඉවත් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. ඒ සඳහා බැකෝ සහ බුල්ඩෝරස් යන්ත්‍ර පවා යොදා ගැණි. පවතින වර්ෂා සහිත කාලගුණය දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධාවක් වී ඇතැයි ද පැවැසෙයි.

ගල් කුට්ටි සහ පස් අතරේ සිරවුණු පිරිස් බේරා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කළ අතර දවස පුරා  එම මෙහෙයුම් සිදුවිය. පස් තට්ටු යට සිරවී සිටි කුඩා බිලිඳකු සහ මවක බේරා ගැනීමටත් ඔවුන් කඩිනමින් රෝහල් ගත කිරීමටත් සහන සේවකයන් සමත්වුණු බව ද පැවැසෙයි. සිරවුණු පිරිස් බේරා ගැනීමට සහන සේවකයින්ට හමුදාවේ සහායද හිමිවෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS