චීනයේ කැනඩා තානාපති ධුරයෙන් ඉවත් කෙරේ



චීනයේ කැනඩා තානාපති ලෙස කටයුතු කළ ජෝන් මැක්කලම් එම තනතුරෙන් ඉවත් කිරීමට කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ පියවර ගෙන ඇත.

මේ වනවිට චීනය සහ කැනඩාව අතර අර්බුදයක් පවතී. ඒ, හුවාවි සමාගමේ මූල්‍ය අංශ ප්‍රධානී මෙන්ග් වන්චූ කැනඩාවට පැමිණි අවස්ථාවේදී ඇය අත්අඩංගුවට ගැනීම හේතුවෙනි. මෙන්ග් වන්චූ හුවාවි සමාගමේ ප්‍රධානියාගේ දියණියයි.

ඇමෙරිකාව ඉරානයට වෙළෙඳ සහ ආර්ථික සබඳතා පනවා ඇති අතර, හුවාවි සමාගම එම සම්බාධක මඟ හැර නීතිවිරෝධී ආකාරයට ඉරානය සමඟ ගනුදෙනු කරනවා යැයි චෝදනා එල්ල වී ඇත. මෙය හුවායි සමාගම තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
කැනඩාවට පැමිණි අවස්ථාවේදි, මෙන්ග් වන්චූ අත්අඩංගුවට ගැනීම සිදුවූයේ ඇමෙරිකා රජයේ උපදෙස් මත අනුව යැයි චීනය චෝදනා කරයි. කැනඩාව එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

ජෝන් මැක්කලම්, හුවායි මූල්‍ය ප්‍රධානී මෙන්ග් වන්චූ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල් කොට ගනිමින්, ඔහුට චීනයේ කැනඩා තානාපති ධුරය අහිමි වූ බව මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

ටොරොන්ටෝහිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS