චීනයෙන් තවත් වසංගතයක්



වයඹ චීනයේ ගන්ෂූ පළාතේ පැතිරෙන උණ රෝගයක් ගැන බටහිර පුවත් සේවා වාර්තා කරයි. බටහිර පුවත් සේවා මේ ගැන වාර්තා කළේ චීන සෞඛ්‍ය අංශ නිකුත් කළ වාර්තා පාදක කර ගනිමින්ය.

මෙය 'කොවිඩ් 19" මෙන් වයිරස වසංගත තත්ත්වයක් නොව, බැක්ටීරියා ආසාදන තත්ත්වයකි. රෝග ලක්ෂණ වන්නේ අධික උණ, හිසේ කැක්කුම, මස්පිඩු වේදනාව ආදියයි. රෝගය නිශ්චිතව හඳුනා නොගතහොත් ඒය මාරක වෙයි. කෙසේ නමුත් මේ දක්වා කිසිදු මරණයක් වාර්තා වී නැත.

මෙම බැක්ටීරියා ආසාදන තත්ත්වය මෝල්ටා උණ සහ මධ්‍යධරණී උණ යනුවෙන් ද මෙය හැඳින්වෙයි. ඒ්, මෝල්ටාවෙන් සහ මධ්‍යධරණී කලාපයෙන් මෙය පළමුවෙන් සොයා ගැනීම නිසාය.

ගන්ෂු පළාතේ අගනුවර ලෙස සැලකෙන්නේ ලැන්ෂෝය. සෞඛ්‍ය බලධාරීන්ට අනුව ‍බැක්ටීරියා ආසාදනයට ලක්වුණු ගණන 3,245 කි. තවත් 1,401 දෙනකු රෝගීන් යැයි මූලික වෛද්‍ය පර්යේෂණවලිදී තහවුරු වී තිබේ.

බැක්ටීරියාව ඖෂධ නිෂ්පාදන සමාගමක් මගින් පරිසරයට කාන්දු වූ බවත්, ඉන්පසු ගොවිපොල සතුන්ගේ මාර්ගයෙන් ගන්ෂු පළාතේ වැසියන් අතරේ පැතිරීමට පටන් ගත් බවත් අනාවරණය වී ඇත.

ලැන්ෂෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසා ඇත්තේ නගරයේ 21,847 දෙනකු බැක්ටීරියා ආසාදිතයන් යැයි සෙවීමට පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවය.

(රොයිටර්)


RECOMMEND POSTS