චීනයට සම්බාධක දාන්න ට්‍රම්ප් සැරැසෙයි



චීනය සමඟ සිදු කෙරෙන ආර්ථික ගනුදෙනුවලදී, නව නීති සහ සම්බාධක පැනැවීමට තමන් සූදානම් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.

නව නීති සහ සම්බාධක සඳහා  ට්‍රම්ප් අත්සන් තැබීමට නියමිතව ඇති බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ.

ජගත් වෙළෙඳපොළේ ඒකාධිකාරියක් පවත්වාගෙන යමින්, ඇමෙරිකාවේ ඇමෙරිකානුවන්ට රැකියා අවස්ථා අහිමි කිරීමට චීනය කටයුතු කර ඇති බවට ඇමෙරිකන් ජනාධිපතිවරයා චෝදනා නගයි.

නව නීති සහ සම්බාධක පැනැවීම සිදුවන්නේ ඒ අනුවය. චීනයේ මෙම ඒකාධිකාරී ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තමන් දැඩි තීරණයක් ගන්නා බව ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ ඔහු ජනපති ධුරයට පත් වීමට පෙර සිටය.

චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් අතරේ හොඳ හිතවත්කමක් පවතී. චීනය අනතුරු අඟවා ඇත්තේ, ඇමෙරිකාව මේ අයුරින් සම්බාධක පැනැවීමක් කළොත්, චීනයත් ඇමෙරිකාවත් අතර පවතින සබඳතා අර්බුදයට ලක් වනු ඇති බවය. එය ලෝක යුද්ධයක් තෙක් දුරදිග යෑමේ අවදානමක් පවතින බවට ද බිය පළ කෙරේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS