චීනයට යන්න එපා: සංචාරකයන්ට අනතුරු



චීනයේ පැතිරෙන නව කොරෝනා වයිරසය හේතුවෙන්, චීනයට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල් රැසක් ඔවුන්ගේ වැසියන්ට අනතුරු අඟවා ඇත.

චීන දින දර්ශනයට අනුව, චීන වැසියන් ඔවුන්ගේ නව අවුරුද්ද හෙට (25) දිනයේ සමරයි. චීනයේ පැවැත්වෙන සැණකෙළි දැක ගැනීමටත්, ඒවාට සහභාගීවීමටත් විදේශිකයන් බොහෝ දෙනකු චීනයට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

අද (24) දිනය වෙද්දී වයිරසය හේතුවෙන් මියගිය ගණන 25 තෙක් ඉහළ ගිය බවත් රෝගී වූවන්ගේ ගණන 830 ක් බවත් පැවැසිණි. වයිරසය ආරම්භ වූයේ චීනයේ වූහාන් නගරයෙනි.

මේ වනවිට වූහාන් නගරය සීල් තැබීමට නගර බලධාරීන් කටයුතු කර ඇත. ගුවන්තොටුපොළ සහ පොදු ප්‍රවාහන සේවා සියල්ල නවතා දමා ඇති බවත් වූහාන් වැසියන්ට නිවෙස්වලට වී සිටින්නැයි උපදෙස් දීමටත් බලධාරීහු කටයුතු කළහ. වූහාන් නුවර ජනගහණය මිලියන 11 කි.

වූහාන් නගරය කේන්ද්‍රකොට ගනිමින් පැතිරීම ඇරැඹුණු නව කොරෝනා වයිරසය මිනිසුන්ට බෝ වී ඇත්තේ වවුලන් සහ සර්පයන් හරහා යැයි වෛද්‍ය පර්යේෂකයෝ අනුමාන කරති.

කොරෝනා වයිරස මිනිසුන්ට බෝ වන්නේ, ක්ෂීරපායීන් සහ කුරුල්ලන්ගෙනි. කොරෝනා වයිරස කිහිපයක් හඳුනාගෙන ඇති නමුත් ඒවායින් මිනිසුන්ට බෝ වන්නේ වයිරස කීපයක් පමණි. ‘සර්ස්’ සහ ‘මර්ස්’ යනු එවැනි කොරෝනා වයිරස වර්ග දෙකකි.

වූහාන් නගරය කේන්ද්‍රකොට ගනිමින් පැතිරෙන වයිරසය නම් කර ඇත්තේ ‘2019 එන්.කෝ.වී’ යන නමිනි. වූහාන් වැසියන් නාගයන් ආහාරයට ගන්නා බවත්, වයිරසය වවුලන්ගේ සිරුරු හරහා නාගයන්ට පැතිර ගොස් ඇත්තේ, වූහාන් වැසියන් නාගයන් ආහාරයට ගන්නා බැවිනි.

වූහාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS