චීනයට දැඩි විරෝධයක්



දකුණු චීන මුහුදේ, චීනය ඇතුළු අසල්වැසි කලාපීය රටවල රැසක් අයිතිවාසිකම් කියන ‘වුඩී’ නමැති දූපතට බෝම්බ හෙළන ගුවන් යානාවක් ගොඩබැස්සීමට චීනය කටයුතු කිරීමත් සමඟ චීනයට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.

චීනයේ මෙම ක්‍රියාව මුල්කොට ගනිමින්, කලාපයේ නව අර්බුදයක් නිර්මාණය වී ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.

ඇමෙරිකාව පවසා ඇත්තේ චීනයේ ක්‍රියා කලාපය හේතුවෙන් කලාපීය රටවල නිදහසට බාධාවක් වුණු බවය.

මතභේදයට ලක් වුණු දූපතකට චීනය ඔවුන්ගේ හමුදා ගුවන් යානයක් ගොඩබැස්සූ පළමු අවස්ථාව මෙය වෙයි.

‘වුඩී’ දූපතට ගොඩබස්වා ඇතැයි පැවැසෙන්නේ එච්.6.කේ වර්ගයේ බෝම්බ හෙළන ගුවන් යානයකි. මතභේදාත්මක දූපත් රැසක් ඇති අතර, වුඩී දූපත ඒ අතරින් ප්‍රධාන මෙන්ම විශාල දූපත ද වෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS