චීන වරාය නගරයේ පිපිරීමක්



නැගෙනහිර චීනයේ, නින්ග්බෝ වරාය නගරයේ සිදුවුණු ප්‍රබල පිපිරීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 40 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළේ යැයි මාධ්‍ය වාර්තා කළේය.

පිපිරීම සිදුවූයේ කර්මාන්ත ශාලාවකය. ඒ, චීනයේ වේලාවෙන් උදේ  9 ට පමණ යැයි ද පැවැසෙයි. පිපිරීමෙන් කර්මාන්ත ශාලාව පමණක් නොව අසල පිහිටි සෙසු කර්මාන්තශාලා ගොඩනැගිලි ද මුළුමනින්ම බිමට සමතලා විය.

සුන්බුන් අතර සිරවුණු පිරිස් සොයා සෝදිසි මෙහෙයුම් දිගටම සිදුවෙමින් පවතී. තුවාලකරුවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් පැවැසෙයි. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

(බී.බී.සී.)


RECOMMEND POSTS