චීන රොකට්ටුව පහළට එනවා



පාලනයෙන් ගිලිහී ගිය චීන රොකට් කැබැල්ල අද (8) සවස හෝ හෙට (9) අලුයම් කාලයේ හෝ පොළොවට කඩා වැටෙනු ඇතැයි නාසා විද්‍යාඥයෝ අනතුරු අඟවති.

රොකට් කැබැල්ල  වැටෙන්නේ කොතැනටදැයි යන්න නිවැරදිව කීමට හැකියාවක් නැත. එහෙයින් ඒ ගැන විමසිල්ලෙන් පසුවන්නැයි ලෝක වාසීන්ට අනතුරු ඇඟවීමට ද නාසා ආයතනය පියවර ගෙන තිබේ.

පොලොවට කඩා වැටීමට නියමිතව ඇත්තේ, මීට දින කීපයකට පෙර චීනය යැවූ රොකට්ටුවක කොටසකි. චීනය අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදිකරමින් පවතී. එය 2022 වසර අවසන් වෙද්දී ඉදිකර අවසන් කිරීමට නියමිතය.

ඊට අවශ්‍ය කොටස් පෘථිවි කක්ෂයට ගෙන යෑම සිදුවන්නේ Long March 5B වර්ගයේ චීන රොකට්ටුවෙනි. කඩා වැටෙන්නේ මෙම රොකට්ටුවට අයත් ටොන් 21 කට වඩා බරින් යුක්ත වන අතර මීටර් 30 ක් පමණ දිග කොටසකි.

මෙම රොකට් කොටස උඩු ගුවනේ දී වෙන් වී පහළ සාගරයට වැටීමට සැලැසුම් කර තිබුණු නමුත්, එය පෘථිවි කක්ෂයට ඇතුළු වී තිබේ. එය පසුගිය දිනකීපය පුරා පෘථිවි කක්ෂයේ පාවෙමින් තිබුණු අතර දැන් එය පෘථිවි වායුගෝලයට පිවිසීමටත් ගිනිගෙන දැවෙමින් යළි පොලොවට ඇදී ඒමටත් නියමිතය.

(බීබීසී)


RECOMMEND POSTS