චීන මෘදුකාංග වර්ජනයට සැරැසෙයි



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ‘ලොවට දායාද කළේ චීනය’ යැයි පුනපුනා පවසන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊයේ (7) අවධාරණය කළේ චීනයේ නිෂ්පාදිත සමාජ මාධ්‍ය මෘදුකාංග ඇමෙරිකාව තුළ තහනම් කරන බවය.

තරුණ තරුණියන් අතරේ අතිශය ජනප්‍රිය ටික්ටොක් මෘදුකාංගය ද චීන නිෂ්පාදනයකි. ඇමෙරිකාව තුළ තහනම් කරන මෘදුකාංග අතරට ටික්ටොක් මෘදුකාංගය ද ඇතුළත් බව ඇමෙරිකන් ජනාධිපතිවරයා පවසා තිබේ.

මේ වනවිට ඉන්දීය රජය එරට ටික්ටොක් තහනම් කිරීමට පියවර ගෙන ඇත. ඒ, කොරෝනා වයිරසය චීනයෙන් ආරම්භ වූවාට නොව, ඉන්දු චීන දේශසීමාවේ ඉන්දීය සොල්දාදුවන්ට චීනයෙන් එල්ල වූ ප්‍රහාරයට විරෝධය දැක්වීමක් වශයෙනි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS