චීන ජනපතිට පුටින්ගෙන් අයිස් ක්‍රීම්



චීන ජනාධිපති ෂී ජින්පින්ගේ 66 වැනි ජන්ම දිනය ඊයේ (15) ට යෙදී තිබුණු අතර, ඒ වෙනුවෙන් චීන ජනාධිපතිට ‘අයිස් ක්‍රීම් තෑග්ගක්’ දීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළේය.

චීන ජනාධිපති සහ රුසියානු ජනාධිපති පුටින් අතරේ පවතින්නේ සමීප හිතවත්කමකි. චීන ජනාධිපති ජින්පින් සැමවිටම පවසන්නේ තමාගේ හොඳම මිතුරා පුටින් බවය.

කිර්ගිස්තානයේ බිෂ්කේක් අගනුවර පැවැති ෂැංග්හායි සහයෝගීතා සමුළුව අවසන් කිරීමෙන් පසු, රුසියානු ජනාධිපති පුටින් මෙන්ම චීන ජනාධිපති ජින්පින් ද කිර්ගිස්තානයේ අසල්වැසියකු යන ටජිකිස්තානය බලා පැමිණියහ. ඒ, ටජිකිස්තානයේ පැවැත්වුණු ආසියානු රටවල අන්තර් ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ සමුළුව හෙවත් ‘සිකා’ සමුළුවට සහභාගීවීමටය.

රුසියානු ජනාධිපති පුටින්, චීන ජනාධිපති ජින්පින් පුදුම කරමින්, ඔහු ප්‍රියතම අයිස් ක්‍රීම් තිළිණය චීන ජනාධිපතිවරයාට ලබා දී ඇත්තේ ටජිකිස්තාන සමුළුව අතරතුරේ යැයි ද චීන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

බීජීංහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS