චීන චිත්‍රපටය අසාර්ථකයි



චීන යුවාන් මිලියන 750 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 112 ක්) වැය කොට නිර්මාණය කළ දැවැන්ත චීන සිනමා නිර්මාණය ‘අසුර’ අසාර්ථක වී ඇති බව වාර්තා වේ.

‘අසුර’ යනු චීන මිත්‍යා කතාවක් ඇසුරින්, පරිගණක විශේෂ ප්‍රයෝග උපරිමයෙන් භාවිතා කරමින් නිපදවූ චිත්‍රපටයකි.

චිත්‍රපටය චීනයේ පමණක් නොව, ජාත්‍යන්තරයේ ද ඉහළ පිළිගැනීමකට ලක් වනු ඇතැයි නිෂ්පාදකයෝ අනුමාන කළහ.
කෙසේ නමුත් විශාල ප්‍රසිද්ධියක් ද සමඟ එළිදැක්වූ චිත්‍රපටය දින කිහිපයක් පමණක් ප්‍රදර්ශනය කෙරුණු අතර, ලැබූ ආදායම යුවාන් මිලියන 50 ක් පමණ යැයි පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS