චීන එන්නත විකෘති වයිරස අඩපණ කරනවා



චීනයේ ‘සිනොවැක්’ ජෛව තාක්ෂණ ආයතනය නිපදවා ඇති ‘සිනොවැක්’ එන්නතට, බ්‍රසීලයෙන් හමුවුණු විකෘති ප්‍රභේදය පමණක් නොව, දකුණු අප්‍රිකාවෙන් හමුවුණු විකෘති ප්‍රභේදය ද සාර්ථකව අඩපණ කළ හැකි බව බ්‍රසීල වෛද්‍ය පර්යේෂකයෝ සහතික වෙති.

බ්‍රසීල වෛද්‍ය පර්යේෂකයන් මෙසේ සහතික වූයේ ‘සිනොවැක්’ එන්නත පුළුල් අධ්‍යයනයකට ලක් කිරීමෙන් පසුවය. බ්‍රසීල වෛද්‍ය පර්යේෂකයන් ලබා දුන් සහතිකය, එන්නත විකිණීමට චීන රජයට සහ ‘සිනොවැක්’ ජෛව තාක්ෂණ ආයතනය පහසුවක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

සරානාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS