චිලී ‘විලැරිකා’ ගිනි කන්ද පුපුරයි



ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ ‘විලැරිකා’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගෙන ඇතැයි එරට මාධ්‍ය පවසයි.

චිලී රජ්‍යෙයේ සංචාරක ආකර්ශණයක් ද වන මීටර් 2,847 ක් උස මෙම ගිනි කන්ද මේ වනවිට ලාවා පිටකරමින් දුම්වලා විහිදුවීමට පටන් ගෙන ඇත.

‘විලැරිකා’ ගිනි කන්ද මුදුනේ ග්ලැසියර තට්ටුවක් ඇත. මෙය පිහිටා ඇත්තේ චිලී රාජ්‍යයේ පූකෝන් නගරයේය.

පූකෝන් නගරයේ ජනගහනය 28,000 ක් වන අතර, නගර වැසියන් ජීවත් වන්නේ ගිනි කන්දේ සිට කිලෝ මීටර් 15 ක් දුරිනි. ගිනි කන්ද ගැන අවධානයෙන් පසුවන්නැයි චිලී බලධාරීන් කගර වැසියන්ට උපදෙස් දී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS