චිලී හමුදා ගුවන් යානයක් අතුරුදන්



චිලී රටේ ගුවන් හමුදාවට අයත් ‘සී 130 හර්කියුලීස්’ වර්ගයේ හමුදා ගුවන් යානයක් ඇන්ටාක්ටිකාව බලා පියාසර කරමින් තිබියදී අතුරුදන් වුණැයි පැවැසෙයි.

‘සී 130 හර්කියුලීස්’ යනු මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය කරන දැවැන්ත ගුවන් යානයකි. යානය මුහුදට කඩා වැටෙන්න ඇතැයි අනුමාන කරමින්, සෝදිසි මෙහෙයුම් කඩිනමින් ආරම්භ වී ඇත.

යානයේ 38 දෙනකු සිටි අතර, එයින් 17 දෙනකු කාර්ය මණ්ඩල හමුදා නිලධාරීන්ය. සෙසු 21 දෙනා සිවිල් වැසියන් යැයි පැවැසෙයි.

යානය ඇන්ටාක්ටිකාවේ කිංග් ජෝර්ජ් දූපත බලා පියාසර කරද්දී එය යානය හිටිහැටියේ අතුරුදන්විය. ඇන්ටාක්ටිකාවේ චිලී රාජ්‍යයට අයත් හමුදා කඳවුරු පිහිටා ඇත.

සැන්ටියේගෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS