ඝාතනය සම්බන්ධයෙන් 100 ක් අත්අඩංගුවට
පාකිස්තානයේ සියල්කොට් නුවර කම්හල් සේවකයන් සහ ආගමික අන්තවාදීන් පිරිසක් විසින් ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවරයා ඝාතනය කර සිරුර පිළිස්සීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට 100 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කර තිබේ.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් පෞද්ගලික විමර්ශනයක් ආරම්භ කිරීමට උපදෙස් දුන් බවය. ජාත්‍යන්තරය කැලැඹූ එම සිදුවීම පාකිස්තානයට කළු පැල්ලමක් වූයේ යැයි ද අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වැඩි දුරටත් පවසා ඇත.
ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයා පහර දී ඝාතනය කර, ඔහුගේ සිරුර පුළුස්සා දැමුණේ දෙවියන්ට අපහාස කළ බවට චෝදනා නගමිනි. මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් පංජාබ් පොලිස් කණ්ඩායම් 10ක් අනියුක්ත කළ බව ද වාර්තා වේ.
ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර නැමැති ශ්‍රී ලාංකිකයා ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය කර අපනයනය කරන, සියල්කොට් හි ප්රමුඛ පෙළේ කර්මාන්ත ශාලාවක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් සිටියේය.
ප්‍රියන්ත කුමාර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තානුවන් බොහෝ දෙනකු දැඩි ලෙස කම්පාවට පත්ව සිටින බව වාර්තා වේ. බොහෝ දෙනකු සිදුවීම සම්බන්ධයෙන් ට්විටර් ගිණුම් ඔස්සේ ශ්‍රී ලංකාවෙන් සමාව ඇයැදීමක් කර තිබේ.
(අල් ජසීරා)