ගෝලීය ආසාදිතයෝ මිලියන 10 ක්



ලොව පුරා ‘කොවිඞ් 19’ හෙවත් කොරෝනා වයිරස ආසාදිතයන් ගණන මිලියන 10 පසු කර ඇතැයි වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය අද (28) ප්‍රකාශ කළේ 10,101,998 ක් ආසාදිතයන් වාර්තා වූ බවය. මරණ වාර්තා වන්නේ 501,644 ක් ලෙසය. පූර්ණ සුවය ලැබූ ගණන 5,475, 153 කි‍.

ඒ අතරින් වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවෙන් පමණක් වාර්තා වන ආසාදිතයන් ගණන 2,510,281 කි. දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි‍. එම ගණන 1,313,667 කි‍.

තෙවැනි ස්ථානයේ ඇත්තේ රුසියාව වන අතර රුසියාවෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 6,26,779 කි. සිවුවැනි ස්ථානයේ ඇත්තේ අසල්වැසි ඉන්දියාවය. ඉන්දියාවේ ආසාදිතයන් ගණන 5,28,859 කි‍.

(රොයිටර්)


RECOMMEND POSTS