ගුවන්යානා තුළ විද්‍යුත් උපකරණ තහනම්



ගුවන්යානා තුළ විද්‍යුත් උපකරණ රැගෙන යාම අමෙරිකාව විසින් රටවල් 8කට තහනම් කර තිබේ. 

ඒ අනුව උතුරු අප්‍රිකානු සහ මැඳ පෙරදිගට අයත් රටවල් 8කට මෙම තහනම පනවා ඇති බව අමෙරිකානු අභ්‍යන්තර ආරක්ෂක  දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. 

අමෙරිකාවේ ගුවන් තොටුපළ 10ක ගුවන් මෙහෙයුම් සිදුවන ගුවන් සමාගම් 9කට මෙම තහනම බලපැවැත්වෙනු ඇත. 
  
ඒ අනුව ලැප්ටොප් පරිගනක, ටැබ්ලට් කැමරා, ඩී.වී.ඩී. යන්ත්‍ර සහ වීඩියෝ ක්‍රීඩා ඇතුළු විද්‍යුත් උපකරණ මෙලෙස ගුවන් මඟින් රැගෙනයාම තහනම්වේ. 

කෙසේ වෙතත්  ජංගම දුරකතන සඳහා මෙම තහනම අදාළ නොවන බව  විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

 

( තිළිණි ද සිල්වා )
ගල්ෆ් ටයිම්ස් ඇසුරෙනි....


RECOMMEND POSTS