ගුවන්තොටුපොළ හදන්නේ නෑ



හිටපු රජය විසින් මෙක්සිකෝ නුවර ඉදිකිරීමට සැලැසුම් කර තිබුණු නව ගුවන් තොටුපොළේ ඉදිකිරීම් කටයුතු නැවැත්වීමට නව ජනාධිපති මැනුවෙල් ලෝපේස් ඔබ්රඩෝර් තීරණය කර තිබේ.

මෙම නව ගුවන්තොටුපොළ ඉදිකිරීමේ දී මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුවීම සහ ගුවන්තොටුපොළ ඉදිකිරීමෙන් සිදුවන පරිසර විනාශය සැලකිලල්ට ගනිමින් මෙම තීරණය ගත් බව ජනාධිපති මැනුවෙල් ලෝපේස් වැඩි දුරටත් පෙන්වා දී ඇත.

නව ගුවන්තොටුපොළ ඉදිකිරීම ආරම්භ වී තිබුණේ ටෙක්ස්කෝකෝ නගරයේය. ඒ හිටපු ජනාධිපති එන්රීක් පෙනා නීටෝගේ රජයේ මැදිහත් වීමෙනි.

මෙම නව ගුවන්තොටුපොළ රටට බරක් බවත්, එය ජනතාව පීඩාවට පත් කරනු ඇති බවත් වත්මන් ජනාධිපති  මැනුවෙල් ලෝපේස් ඔබ්රඩෝර් පවසා ඇත.

ජනාධිපති මැනුවෙල් ලෝපේස් වැඩිදුරටත් පවසා ඇත්තේ මෙක්සිකෝ අගනුවර පවතින ගුවන්තොටුපොළ තවත් විශාල කරමින් නවීකරණය කරන බවය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS