ගුවන් සේවය ක්‍රියාත්මක කිරීම කල් යයි



නයිජීරියාව එරට ජාතික ගුවන් සේවය යළි ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ නමුත් එය තාවකාලිකව අත්හිටුවා දැමීමට පසුව තීරණය කළේය.

නයිජීරියා ගුවන් සේවා අමාත්‍යවරයා මීට මාස දෙකකට පෙර කියා සිටියේ ආන්දෝලනයට හේතුවක් වුණු ජාතික ගුවන් සේවය හෙවත් නයිජීරියා එයාර්වේස් යළි ආරම්භ කරන බවය.

කෙසේ නමුත් කරුණු කාරණා රුසක් මුල්කොට ගනිමින් ගුවන් සේවය යළි ක්‍රියාත්මක කිරීමේ තීරණය අත්හිටුවා දමන බවත් දෙසැම්බරයේ කෙසේ හෝ ගුවන් සේවය යළි ක්‍රියාත්මක කරන බවත් ගුවන් සේවා අමාත්‍යවරයා පමණක් නොව නයිජීරියාවේ ජනාධිපති මුහම්මද්දු බුහාරී පවා පවසා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS