ගුද මාර්ගයෙන් කොරෝනා සොයලා



'කොවිඩ් 19' වයිරස ආසාදිතයන් ද නැද්ද යන්න තහවුරු කිරීමට, චීනයට ගිය තම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ ගුද මාර්ගයෙන් සාම්පල ලබා ගැනීමට චීන සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළේ යැයි ඇමෙරිකාවෙන් චෝදනා කරයි.

ගුද මාර්ගයෙන් සාම්පල ලබා ගනිමින් 'කොවිඩ් 19' ආසාදිතයන් සෙවීමේ ක්‍රමවේදයක් චීන සෞඛ්‍ය අංශ භාවිතයට ගෙන තිබේ.

නාසයෙන් සහ උගුරෙන් සාම්පල ලබා ගෙන කරන පී.සී.ආර්. සහ ප්‍රතිදේහ පරීක්ෂණවලටත් වඩා ගුද මාර්ගයෙන් සාම්පල ලබාගෙන සිදු කරන පරීක්ෂණ සියයට සියයක් නිවැරදි බව චීන සෞඛ්‍ය අංශ පැහැදිලි කර ඇත.

කෙසේ නමුත් තමන් කිසිම අවස්ථාවක ඇමෙරිකාවේ සිට චීනයට පැමිණි හෝ චීනයේ රැඳී සිටින ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් එවැනි වෛද්‍ය පරීක්ෂණවලට යොමු කර නොමැති බව ඇමෙරිකාවෙන් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් විදේශ කටයුතු අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

'අපගේ සෞඛ්‍ය අංශ ගුද මාර්ගයෙන් සාම්පල ලබා ගෙන කොරෝනා ආසාදිතයන් හඳුනා ගන්නවා. ඒ ක්‍රමය නාසයෙන් සහ උගුරෙන් සාම්පල ලබාගෙන සිදු කරන පරීක්ෂණවලට වඩා ඉතා නිවැරදියි. නමුත් අප ඇමෙරිකන් හෝ වෙනත් රටක හෝ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකුට හෝ එම තැනැත්තාගේ පවුලේ අයට හෝ එවැනි පරීක්ෂණයක් සිදු කර නැහැ' යැයි චීන විදේශ කටයුතු අමත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක සහෝ ලිජියැං සහතික වී ඇත.

ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දැඩි අපහසුතාවට පත් කරමින්, චීන සෞඛ්‍ය බලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ගුද මාර්ගයෙන් සාම්පල ලබා ගෙන පරීක්ෂා කරනවා යැයි චෝදනා කළේ ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවය.

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරය. වයිරසයේ ස්වභාවය සහ එහි පැතිරීම චීන සෞඛ්‍ය අංශ හොඳින් අවබෝධ කරගෙන සිටී.

චීනයේ කොරෝනා ආසාදිතයන් විටින් විට වාර්තා වෙද්දී, නගර හෝ පළාත් හෝ මුළුමනින් වසා දමා එම නගරයේ හෝ පළාතේ පදිංචි සියලු දෙනා කොරෝනා සෙවීමේ පරීක්ෂණවලට යොමු කරයි. චීන රජය සහ සෞඛ්‍ය අංශ වයිරසය මනා ලෙස පාලනය කර ගන්නේ මේ ක්‍රමයටය.

(අල් ජසීරා)


RECOMMEND POSTS