ගුජරාටයට සීකා පැතිරිලා



ඉන්දියාවේ ගුජරාඨ ප‍්‍රාන්තයේ අහමදාබාද් නුවරින් ද සීකා උණ රෝගියකු හමුවී ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

රෝගී වී ඇත්තේ කාන්තාවකි. ඇය භවාගාර් නමැති ගම්මනයට ගොස් යළි අහමදාබාද් නුවරට පැමිණීමෙන් පසු රෝගී වී ඇතැයි ද සෞඛ්‍ය බලධාරීහු කියති.

ඉන්දියාවේ රාජස්ථාන ප‍්‍රාන්තයේ ජායිපූර් නුවරින් ද සීකා වයිරස උණ රෝගීන් හමුවී ඇති බව පසුගිය දා ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු අනාවරණය කළහ. සීකා වයිරස උණ රෝගයේ රෝගකාරකයා වන්නේ ද ඩෙංගු වයිරසය පතුරුවන ඒඩිස් මදුරු විශේෂයයි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS