ගෑස් ටැංකියක් පුපුරා අයෙක් මරුට



එමිරේට්ස් රාජ්‍යයේ අජ්මන් නුවර අල්-ජාෆ් නගරයේ පිහිටි නිවසක මුල්තැන්ගෙයි තිබු ගෑස් ටැංකියක් පුපුරා යෑමෙන් ඉතියෝපියානු  ගෘහ සේවිකාවක් මිය ගොස් තවත් ගෘහ සේවිකාවන් තුන් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව අජ්මාන් නුවර මහජන ආරක්ෂක ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, බ්‍රිගේඩියර් රෂීඩ් අල්-ෂම්සි ප්‍රකාශ කළේය.

ගෑස් ටැංකිය පිපිරීමත් සමගම මුල්තැන්ගෙය ගිනිගෙන විශාල ලෙස හානි සිදුවී ඇති අතර අසල ඇති කාමරයකටද ගින්න පැතිරී ගොස් ඇත. මහජන ආරක්ෂක එක්කයේ ගිනි නිවන භටයින් නිවසට පැමිණෙන විටත් හතලිස් හත් හැවිරිදි ඉතියෝපියානු කාන්තාව මිය ගොස් සිට බව වාර්තා වේ.

පාශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා දේහය රෝහලකට රැගෙන යන ලදී.

බරපතල තුවාල ලැබු ඉතියෝපියානු කාන්තාවන් දෙදෙනා සහ ඉන්දුනිසියානු කාන්තාව ප්‍රතිකාර සඳහා අජ්මාන් නුවර පිහිටි ෂයික් කලීෆා රෝහලට ඇතුලත් කර ඇත.

ගෑස් ටැංකිය පුපුරා යෑමට හේතුවු කරුණු සෙවීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS