ගැම්බියාවේ බල පෙරැළිය ඉරානයේ පැසැසුමට



අප්‍රිකා රාජ්‍යයක් වන ගැබියාවේ වසර 22 ක් බලයේ සිටි ජනාධිපති යාහ්යා ජමේහා ධුරය අතහැර රටින් ද පිටවී යෑම ඉරානයේ පැසැසුමට හේතුවක් වී ඇත. 

ඒ බව ඉරාන විදේශ අමත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ. ගැම්බියාවේ සංවර්ධන කටයුතු කෙරෙහි වසර කිහිපයක පටන් විශේෂ අවධානයක් යොමු කළ රාජ්‍යයක් ලෙස ඉරානය හැඳින්විය හැකිය.

ගැම්බියාවේ පසුගිය දා ජනපතිවරණයක් පැවැත්විණි. එයින් විපක්ෂය ජයග්‍රහණය කළේය. හදිසි නීතිය පනවමින් දිගටම බලයේ රැඳී සිටීමට යාහ්යා ජමේහා උත්සාහ කළ ද ජනතා විරෝධය හමුවේ එය කළ නොහැකි දෙයක් විය. ඒ අනුව, යාහ්යා ජමේහා සිය පවුලේ අය සමඟ විශේෂ ගුවන් යානයකින් රට හැර ගිනියා රාජ්‍යයට පිටත්ව ගියේය.


(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS