ගල්ෆ් වැසියන්ට පැමිණීමේදි ඊජිප්තු විසා



ගල්ෆ් කලාපයේ රටවල වැසියන්ට පැමිණීමේ විසා (Visa-on-Arrival -VOA) ලබාගත හැකි බව කයිරෝ බලධාරීන් ප්‍රකාශ කළේය.

ගල්ෆ් කලාපයේ සිටින විදේශිකයින්ට තම රටට පැමිණිමේදි ගුවන් තොටුපලේදී ක්ෂණික විසා නිකුත් කිරීමට කටයුතු කර බවත් අදාල විසා නිකුත් කිරීම මැයි 4 සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවරයන් ගෙන ඇති බව ඊජිප්තු සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

"අවමවශයෙන්මාසහයකටගල්ෆ්පදිංචිකරුවකු වීම විසා ලබාගැනීම සඳහා ප්‍රමාණවත් වේ’’, ඊජිප්තු සංචාරක අමාත්‍ය යායාරෂීඩ් මහතා පවසයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS