ගල්ෆ් කළාපයේ විදේශ සේවකයන් නිවසට යවන මුදලින් බදු අය කෙරේ



ගල්ෆ් කලාපයේ සේවය කරන විදේශිකයින් සිය මව් රටවලට මුදල් හුවමාරු තිරිමේදී  බදු මුදලක් අය කිරීමට ගෙන ඇති තිරණය ජාත්‍යන්තරයේ විවේචනයට ලක්ව ඇතැයි ඇරැබ් ටයිම්ස් පුවත් පත කියයි. 

මේ හේතුවෙන් ගල්ෆ් කළාපයේ සේවයකරන විදේශ ශ‍්‍රමිකයින් සියයට 90 කට බොහෝ අහිතකර බලපෑම් එල්ල වී ඇති බව එම පුවත්පත කියයි. 

සමස්ත ගල්ෆ් කළාපයේ විදේශ ශ‍්‍රමිකයින් විසින් ඩොලර් බිලියන 84.4 ක පමණ මුදලක් හුවමාරු කරන අතර මෙලෙස පැනවෙන සියයට පහක බදු මුදල ගල්ෆ් රටවල සමස්ත ආදායමෙන් .3 ක් පමණ  වන බවත් එයින් සාධාරණ වැඩි දියුණුවක් ගලෆ් ආර්ථිකයට නොලැබෙන බවත් එහි සදහන් වේ. 

මේ අතර රැුකියා නොමැතිව ගල්ෆ් කළාපයේ රටවල ජීවත්වෙන විෙිද්ශිඅකයන් පිටුවහල් කළ යුතු බව ද එම පුවත්පත ස`දහන් කරන අතර එම පිරිස් සමාජයට දැඩි තර්ජනයක් විය හැකි බවටද අනතුරු අඟවයි. 

 

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS