ගගනගාමීන්ට ඇබැද්දියක්



පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුපොළට සම්බන්ධ කර තිබුණු රුසියාවේ ‘සොයූස්’ වර්ගයේ ගගන කැප්සියුලයක වායු කාන්දුවක් සිදුවීමෙන් අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිටි ගගනගාමීන්ට අකරතැබ්බක් සිදුවුණැයි ඇමෙරිකාවේ නාසා ආයතනය කියයි.

අභ්‍යවකාශ නැවැතුම්පොළටත්, යළි පෘථිවියටත් ගගනගාමීන් සහ බඩුබාහිරාදිය රැුගෙන යන යෑම සිදු කෙරෙන්නේ මෙම කැප්සියුලයෙනි. කැප්සියුලයට හානි සිදු වී ඇත්තේ අභ්‍යවකාශට හරහා වේගයෙන් ඇදී යන ප‍්‍රමාණයෙන් කුඩා ග‍්‍රහක කැබැල්ලක් එහි ගැටීමෙනි.

‘සෝයූස්’ කැප්සියුලය ගගනගාමීන් කණ්ඩායමක්, අභ්‍යවකාශ නැවැතුම්පොළට ගෙනැවිත් තිබුණි. ඒ අතර, යුරෝපා, රුසියා ගගනගාමීහු වෙති. වරකට අභ්‍යවකාශ නැවැතුම්පොළේ ගගනගාමීන් හය දෙනකුට නවාතැන් ගැනීමට පහසුකම් ඇත. මාස හයෙන් හයට ගගනගාමීන් මාරු වෙයි.

වායු කාන්දුව පිළිබඳ දැනගත් සැණින්, එය පිළිසකර කිරීමට ගගනගාමීහු පියවර ගත්හ. එය අසීරු කටයුත්තක් වුවත්, ඔවුන් එම පිළිසකර මෙහෙයුම සාර්ථකව සිදු කළේ යැයි ටෙක්සාස් ජනපදයේ හූස්ටන් හි පිහිටි ගගන මෙහෙයුම් පාලන මධ්‍යස්ථානය පවසා ඇත. පිළිසකර මෙහෙයුම් සිදුවූයේ ගගන මෙහෙයුම් පාලන මධ්‍යස්ථානයේ අනුදැනුම පරිදිය.

(රොයිටර්)


RECOMMEND POSTS