ගගන සක්මන සාර්ථකව අවසන්



ඇමෙරිකාවේ නාසා ගගනගාමීනියන් වන ජෙසිකා මියෙර් සහ ක්‍රිස්ටිනා කොක් සහභාගී වූ ගගන සක්මන සාර්ථකව නිමාවට පත් විය. කාන්තාවන් පමණක් සහභාගී වූ පළමු ගගන සක්මන මෙය වෙයි.

අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටින ගගනගාමිනියන් වන ජෙසිකා මියෙර් සහ ක්‍රිස්ටිනා කොක් අභ්‍යවකාශ නැවැතුම්පොළෙන් පිටතට පැමිණ ගගන සක්මනට එක් වූයේ අභ්‍යවකාශ නැවැතුම්පොළේ නඩත්තු කිරීමක් සඳහාය. පැය කිහිපයක මෙහෙයුමක් වූ එය සාර්ථකව අවසන් විය.

ජෙසිකා මියෙර් සහ ක්‍රිස්ටිනා කොක් දෙදෙනා ගගන සක්මනට එක් වී, නඩත්තු කටයුතු කරන ආකාරය සජීවීව නැරැඹීමට ද නාසා ආයතනය ලෝකවාසීන්ට ඉඩ සලසා දී තිබුණි.

(ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS