කෝටිපති ව්‍යාපාරිකයාට ජය



චෙක් රජයේ පැවැති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට එරට කෝටිපති ව්‍යාපාරික අන්ද්‍රෙජ් බාබිස් සමත් වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

බාර්බිස් 63 හැවිරිදි වියෙහි පසුවන අතර, චෙන් ජනරජයේ දෙවැනි ධනවත්ම පුද්ගලයා වන්නේ ද ඔහුය. මධ්‍යස්ථ මතධාරියෙකු වන බාර්බිස් නියෝජනය කරන්නේ ‘ඒ.එන්.ඕ’ පක්ෂයයි.

මැතිවරණයෙන් දෙවැනි සහ තෙවැනි ස්ථානවලට පත් වූයේ මධ්‍ය දක්ෂිණාංශික සිවික් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ පළමු වරට මැතිවරණයකට මුහුණ දුන් විප්ලවකාරී ‘පයිරේට්ස්’ පක්ෂයයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS