කොරෝනා වයිරසයට දේශපාලනය අවශ්‍ය නෑ



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට දේශබාලනය අවශ්‍ය නොමැති බවත්, ලොව සැමගේ යහපත වෙනුවෙන් ඇමෙරිකාවත් චීනයත් එක් වී, කටයුතු කළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඞ්හැනොම් ග්‍රෙබියේසුස් කියයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙසේ කියා සිටියේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් එල්ල වූ චෝදනා සම්බන්ධයෙනි.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් චෝදනා කර ඇත්තේ, ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ පැත්ත ගෙන, වයිරසයට ප්‍රතිචාර දැක්වූ බවත්, කල්වේලා ඇතිව ගෝලීය වසංගත තත්ත්වයක් ප්‍රකාශ නොකළ නිසා වයිරසය දරුණු ලෙස ලොව පුරා ව්‍යාප්ත වුණු බවත්ය.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS