කොරෝනා වයිරස යුරෝපයට යයි



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වුණු නව කොරෝනා වයිරසය යුරෝපයටත් පැතිර ගොස් ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි. ඒ, ප‍්‍රංශයෙන් රෝගීන් තිදෙනකු හමුවීමත් සමඟය.

මේ වනවිට ඇමෙරිකාව, මෙක්සිකෝව, නේපාලය, ජපානය, හොංකොං, තායිවානය, සිංගප්පූරුව,  ඕස්ටේ‍්‍රලියාව ඇතුළු රටවල් රැුසකින් වයිරසය ආසාදනය වූ රෝගීන් හමුවී ඇතැයි ද පැවැසෙයි.

ප‍්‍රංශ සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ හමුවුණු රෝගීන් තිදෙනා නිරෝධායනය (වෙන් කිරීම) කළ බවත් ඔවුන් ගැන විමසිල්ලෙන් පසුවන බවත්ය.

මෙම නව වයිරසයට මෙතෙක් ප‍්‍රතිකර්මයක් සොයා ගෙන නැන. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ වයිරසය හේතුවෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කිරීමට තවමත් කල්වේලා වැඩි බවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS