කොරෝනා වයිරස එරෙහි එකම අවිය එන්නත්කරණය



'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීමට එන්නත්කරණය හැර වෙන පිළියමක් නැතැයි ඇමෙරිකාවේ මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුචි අවධාරණය කරයි.

වෛද්‍ය ඇන්තනි ෆවුචි, ඇමෙරිකාවේ ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ ප්‍රධානියා වන අතර, 'කොවිඩ් 19' වසංගතය සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධාන උපදේශකවරයා ද වෙයි.

‘මේ වසංගතය අවසන් වෙන්නේ නැහැ. වසංගතයේ අවසානය සිදුවන්නේ එන්නත්කරණය හරහා පමණයි. වයිරදයට එරෙහිව ඇති හොඳම අවිය එන්නත්කරණයයි. අවසන් මෙන්ම එකම විකල්පය වන්නේ ද එයයි. වයිරසය පරද්දන්න ලොව අප කවුරුත් එන්නත් ලබා ගැනීම කළ යුතුම වෙනවා.’ යැයි වෛද්‍ය ඇන්තනි ෆවුචි පැහැදිලි කළේය.

වෛද්‍ය ඇන්තනි ෆවුචි මෙසේ පැහැදිලි කළේ ඇමෙරිකාවේ ඒ.බී.සී. පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. එහිදී කොරෝනා වසංගතයෙන් දරුණු ලෙස බැටකන ඉන්දියාව සම්බන්ධයෙන් ද වෛද්‍ය ඇන්තනි ෆවුචි අදහස් දක්වමින්, කියා සිටියේ, ඉන්දියානුවන්ට කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීමට නම් එන්නත්කරණ වැඩසටහන විදිමත් කළ යුතු බවය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS