කොරෝනා ආසාදිතයන් ගණන දැන් ලක්ෂ 5 ක්



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව ලක්ෂ පහකට වඩා වැඩි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අද (27) නිවේදනය කළේය.

චීනයෙන් ආරම්භ වූ වයිරසය මේ වනවිට ලෝකයේ රටවල් 182 කට වැඩි ප්‍රමාණයක් පුරා පැතිර ගොස් ඇත. වයිරසය හේතුවෙන් සිදුවුණු මරණ සංඛ්‍යාව 22,900 පසු කර ඇත.

අද (27) වනවිට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූයේ ඇමෙරිකාවෙනි. ඒ, ඉතාලිය ද පසු කරමිනි. ඉතාලියේ වාර්තා වන මරණ සංඛ්‍යාව ඉතා ඉහළය. ඊයේ (27) එරට මාධ්‍ය වාර්තා කළේ 8,000 ක් වයිරසය හේතුවෙන් මියගිය බවය.

ලොව රටවල් රැසක් වයිරසය මැඬලීමට තහංචි පනවමින්, ඇඳිරි නීතිය පනවමින්, රටවල් වසා දැමීමට පවා පියවර ගෙන ඇත. දැඩි පියවර ගත්තත්, ලෙගාව පුරා මිලියන 1.8 ක් වයිරසට බිලිවේවි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත.

ප්‍රංශය ද මේ වනවිට මුළුමනින්ම එරට වසා දැමීමට තීරණය කර තිබේ. ප්‍රංශ රජය නිවේදනය කළේ ගතවුණු පැය 24 ඇතුළත මරණ 365 ක් වාර්තා වූ බවය. මියගිය පිරිස අතර, 16 හැවිරිදි දැරියක ද සිටින බව වාර්තා විය. ප්‍රංශයෙන් දිනක් ඇතුළත වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසිණි.

ස්පාඤ්ඤයේ කොරෝනා වයිරස මරණ සංඛ්‍යාව 4,000 පසු කර ඇති නමුත්, මරණ අනුපාතය කෙමෙන් කෙමෙන්   බවක් පෙනෙනවා යැයි ස්පාඤ්ඤ සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS