කොරියාවේ 433 කට කොරෝනා



දකුණු කොරියාවේ කොරෝනා වයිරස ආසාදිතයන් ගණන 433 දක්වා ඉහළ ගියේය. ඒ අනුව චීනයෙන් පිට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇත්තේ දකුණු කොරියාවෙනි.

කොරෝනා ආසාදිතයන් වැඩියෙන් හමුවී ඇත්තේ දකුණු දෙසින් පිහිටි ඩූගු නගරයෙනි.
මේ අතර, ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් දකුණු කොරියාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ඇමෙරිකානුවන්ට ඇමෙරිකා රජය දැනුම් දී ඇත.

සෝල්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS