කොරියානුවන්ට සාමය ගෙනෙන හමුවක්



‘සිංගප්පූරු හමුව’ කොරියානු ජනතාවට සාමය ගෙනෙනු ඇතැයි තමා බලාපොරොත්තු වනවා යැයි අතිඋතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේ පවසති.

සිංගප්පූරුව හමුව එසේත් නැතිනම් ට්‍රම්ප් කිම් හමුව වෙනුවෙන් සිංගප්පූරුවට විශේෂ කෘතඥතාවක් හිමිවිය යුතු බව ද පාප්තුමෝ කීහ.

“තවත් එක් වරක් කොරියාවේ ආදරණීය ජනතාවට විශේෂ ආදරයක් සහ මිත්‍රත්තවයක් හිමිවිය යුතුයි. ඒ වගේම අපි ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළ යුතුයි. මේ හමුව කොරියානු අර්ධද්වීපයට මෙන්ම ලෝක සාමයටත් මග කියනු ඇතැයි මා විශ්වාස කරනවා” යැයි සතිපති ඉරිදා දේව මෙහෙයේදී අදහස් දක්වමින් පාප්තුමෝ තවදුරටත් කීය.

හර්ෂණ තුෂාර සිල්වා
(රොයිටර්)


RECOMMEND POSTS