කොංගෝ ජනරජයේ සමූහ මිනී වළක්



අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ මායි නාම්බේ නමැති පළාතේ යුම්බායි නමැති නගරයෙන් සමූහ මිනී වළක් හමුවී ඇති බවත්, එහි මළසිරුරු 50 කට වැඩි ඇති බවත් විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

එම මිනීවළ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කොංගෝ ජනරජයට ගොස් ඇති බව ද වාර්තා වේ.

පසුගිය වසරේ දෙසැම්බරයේ කොංගෝ ජනරජයේ ගෝත්‍රික වැසියන් අතරේ දරුණු ගැටුම් පැවැතිණි. එම ගැටුම්වලින් මියගිය ගණන 890 ක් බව රජය පවසා තිබේ.

යුම්බි නුවරදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS