කී‍්‍රඩාංගනයක තෙරපීමකින් 5 ක් මරුට



මැඩගස්කරයේ පාපන්දු කී‍්‍රඩාංගනයක නරඹන්නන් අතරේ සිදුවුණු තෙරපීමකින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 40 කට වැඩිය.

පාපන්දු තරගය පැවැත්වූයේ මැඩගස්කරය සහ තවත් අපි‍්‍රකා රාජ්‍යයක් වන සෙනගාර ජාතික කණ්ඩායම අතරේය. ඒ, අපි‍්‍රකානු පාපන්දු කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලැබීම සඳහාය.

තෙරපීම සිදුවූයේ තරගය නැරැුඹීමට කී‍්‍රඩාංගනයට ඇතුළුවීමේදී පාපන්දුලෝලීන් අතරේ හටගත් කලබලයක් හේතුවෙන් යැයි විදෙස් පුවත් සේවා වැඩි දුරටත් කියා සිටී. කී‍්‍රඩාංගනයට පිවිසීමට ඇත්තේ එක් පිවිසුම් දොරටුවක් පමණි.

(රොයිටර්)


RECOMMEND POSTS