කියුබා ජනපති විරුද්ධ නෑ



සමරිසි විවාහ සඳහා තමාගේ විරෝධතාවක් නොමැති බව කියුබා ජනාධිපති මැනුවෙල් දියාද් කැනැල් පවසා ඇත.

තමාගේ විරෝධයක් නොමැති වුණත්, සමරිසි විවාහ රටට සුදුසුදැයි තීරණය කළ යුත්තේ ජනතාව බවත්, ජනතාව ගන්නා තීරණය තමා පිළිගන්නා බවත් කියුබා ජනාධිපතිවරයා පවසා ඇත.

කියුබාව මේ වනවිට නව ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් ඒවා කි‍්‍රයාවට නංවමින් සිටී. ලබන වසර මුලදී සමරිසි විවාහ සම්බන්ධයෙන් ද පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවැසෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS