කිම් ජොන් උන්ගේ ආරක්ෂක උපක්‍රමය



උතුරු කොරියා නායක කිම් ජොන් උන්, ට්‍රම්ප් සමඟ පැවැත්වෙන හමුවට සහභාගී වීමට, අද (10) සිංගප්පූරුව බලා පැමිණියේය.

උතුරු කොරියා නායකයා සහ නියෝජිත පිරිස කෙළින්ම උතුරු කොරියාවේ යොංග්යැංග් සිට සිංගප්පූරුව බලා පැමිණියේ නැත. අද උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවර ගුවන් තොටුපොළෙන් ගුවන් යානා තුනක් සිංගප්පූරුව බලා පිටත් වී ඇත.

ඒ ආරක්ෂක උපක්‍රමයක් ලෙසය. තමන් පැමිණෙන්නේ කුමන ගුවන් යානයෙන්දැයි කොරියානු නායකයා කලින් දැනුම් දීමක් කර තිබුණේ නැත.

උතුරු කොරියාවේ සිට ගමන් ආරම්භ කළ ගුවන් යානා තුනෙන් එකක් ‘ඉලයිසිං’ වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි. කිම් ජොන් උන්ගේ වෙඩි නොවදින ලිමොසීන් මෝටර් රථය සිංගප්පූරුවට ගෙන ඒම සිදුවූයේ මෙම ගුවන් යානයෙන් යැයි පසුව අනාවරණය විය.

චීන ජනාධිපති ෂී ජින් පින්, ඔහුගේ ගමන් බිමන් සඳහා යොදා ගන්නා, චීන ගුවන් සේවයේ බෝයිං 747 ගුවන් යානයක්, උතුරු කොරියානුවන් වෙනුවෙන් ලබා දී තිබුණු අතර, දෙවැනියට සිංගප්පූරුව බලා පිටත් වූයේ මෙම මගී යානයයි. කිම් ජොන් උන් සහ ට්‍රම්ප් අතර පැවැත්වීමට නියමිත ඓතිහාසික හමුවට චීනයේ සහාය නොඅඩුව හිමිවෙයි.

තෙවැනියට, කිම් ජොන් විසින් භාවිතා කරන, සෝවියට් රුසියාවේ නිෂ්පාදිත ‘ඉලයිසිං’ ජෙට් යානය ද සිංගප්පූරුව බලා පිටත් විය. කිම් ජොන් උන් මෙහි ආවේ ද නැතිනම් සතුරු ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමකට බියෙන් මෙම යානය යොදා ගෙන බොරුක් කළේදැයි මේ වනවිට සැකයක් මතුවී  ඇත.

අවසාන මෙහොතේදී කිම් ජොන් උන් පැමිණෙන්නේ ඔහුගේ නියෝජිතයන් සමඟ චීන ගුවන් සේවයේ බෝයිං 747 ගුවන් යානයෙන් යැයි සිංගප්පූරු විදේශ අමත්‍යාංශය නිවේදනය කළේය. කිම් ජොන් උන් සිය නියෝජිත පිරිස සමඟ සිංගප්පූරුවට සැපත් වූයේ මේ අයුරිනි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS